කලගෙඩිහේනේදී වෑන් රථයට පහරදුන් ප්‍රභූ ආරක්ෂකයන් සෙවීම කොළඹ අපරාධ කොට්ඨාශයට

Friday, 19 July 2019 - 14:55

%E0%B6%9A%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%96+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථයකින් සහ ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණි පිරිසක් වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් අදාළ නියෝගය ලබා දුන් බවයි.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නුවර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක් සහ ජිප් රථයකට මාර්ගයේ ඉඩ ලබා නොදුන් බව පවසමින් කලගෙඩිහේන ප්‍රදේශයේදී අදාළ වෑන් රථයට පහරදී තිබුණා.

CAG - 05 50 අංකය දරණ ලෑන්ඞ් කෘසර් ප්‍රාඩෝ රථයෙන් හා CAD - 88 50 අංකය දරණ ඩිෆෙන්ඩර් රථයෙන් පලාගොස් තිබුණා.

අදාල අංක හිමි ජිප් රථවල හිමිකාරිත්වය පිලිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ අතර එහිදී අනාවරණ වුණේ CAD - 05 50 අංකය දරණ ලෑන්ඞ් කෘසර් ප්‍රාඩෝ රථයේ අංක 37, ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංග යන අයට අයත් බවයි.

එමෙන්ම, CAD - 88 50 අංකය දරණ ඩිෆෙන්ඩර් රථයේ වත්මන් හිමිකරු වන්නේ අංක 34, ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි උදම් ඉන්දුල සම්පත් බණ්ඩාර අමරතුංග යන අයයි.



'බත්තරමුල්ලේ බන්ටි' රඳවාගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර
Sunday, 05 July 2020 - 18:37

අත්අඩංගුවට ගැනුණු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Sunday, 05 July 2020 - 18:13

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

සමඟි ජන බලවේගය, ජාතිවාදීන්ගේ බළල් අතක් වෙලා - අගමැති
Sunday, 05 July 2020 - 17:31

දේශපාලන පක්‍ෂයක් එළිපිටම බෙදුම්වාදී මූලධර්ම තමන්ගේ ප්‍රතිපත්ති... Read More