තැපැල් සේවකයන් යළි, වර්ජනයකට සැරසේ

Saturday, 20 July 2019 - 7:42

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%2C+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
බඳවාගැනීම්, උසස්වීම් සහ වැටුප් තල අහිමි කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයට විසඳුම් නොලැබුණහොත් ඉදිරි සතියේ සිට දිවයින පුරාම අඛන්ඩ වැඩවර්ජනයක් යළි දියත් කරන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.

මෙම ගැටලූව මුල් කර ගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ සියලූ සේවකයින් පසුගිය 16 වනදා පස්වරු 4 සිට පැය 48ක් වර්ජනයේ නිරත වුණා.

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ වනවිටත් තැපැල් සියලූ වෘත්තිය සමිති වර්ජනයකට එකඟතාව පළ කර ඇති බවයි.

මේ අතර, ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද මෙම ගැටලූව සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.

රජය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ ඉදිරි සතිය තුළ මෙම ගැටලූව විසඳීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බවයි.


බලය බෙදීම ආරක්ෂා කරන බව සජිත් කියයි (වීඩියෝ)
Sunday, 05 July 2020 - 19:32

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම ආරක්ෂා කරන බව සමගි ජන බලවේගයේ... Read More

කුසල් මෙන්ඩිස් වෛද්‍ය පරීක්ෂණයකට (වීඩියෝ)
Sunday, 05 July 2020 - 19:09

මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට්... Read More

සහල් හිඟයක් ඇති කරන්න ඉඩ දෙන්න එපා - ගොවීන් ජනපතිගෙන් ඉල්ලයි
Sunday, 05 July 2020 - 19:07

අතරමැදියන්ට සහල් හිඟයක් ඇති කිරීමට ඉඩ නොදෙන ලෙස පොළොන්නරුව... Read More