මුහුණු පොත හරහා මුදල් වංචා කරන, තවත් ජාවාරමක් ගැන තොරතුරු

Saturday, 20 July 2019 - 12:59

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%2C+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
ෆේස්බුක් හරහා අඩු පොලියට ණය ලබාදෙන ආයතන සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවන්නැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙනවා.

එහි තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ දිනවල ක්‍රියාත්මක flashcashloan.lk. නැමති ෆේස්බුක් පිටුව සම්බන්ධයෙන් පැමිණිලි රැසක් වාර්තාවී ඇති බවයි.

අඩුපොලියට ණය ලබාදෙන බව පවසා මහජනතාවගේ මුදල් වංචා කරන මෙවැනි සිදුවීම් රැසක් මීට පෙරද වාර්තාවුණා.

අප මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ මෙවැනි වංචාවකට හසුවූ පුද්ගලයින්ට ළඟම පිහිටි පොලිස් ස්ථානයට පැමිණිලි කළහැකි බවයි.

කෙසේ වෙතත්, මෙවැනි වංචාවකට හසුවීමෙන් පසු පැමිණිලි කරනවාට වඩා ඒවා වළක්වා ගැනීම ඉතා වැදගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.


කොරෝනා දෙවන රැල්ලත් සමඟ දකුණු අප්‍රිකාවේ මත්පැන් අලෙවිය නවතී
Monday, 13 July 2020 - 9:11

කොරෝනා දෙවන රැල්ලේ ආරම්භයත් සමඟ දකුණු අප්‍රිකාවේ මත්පැන්... Read More

කසළ තේ කිලෝ 700 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
Monday, 13 July 2020 - 9:00

සීදූව - කොටුගොඩ ප්‍රදේශයේ ගබඩාවක තිබී කසළ තේ කිලෝග්‍රෑම්... Read More

වසර අවසානයේ ආර්ථිකය ධන මට්ටමට - මහ බැංකුව
Monday, 13 July 2020 - 8:21

මෙම වසර අවසානය වනවිට ආර්ථිකය ධන තත්වයකට පත්වනු ඇතැයි අපේක්ෂා... Read More