මඩකලපුව විශ්වවිද්‍යාලය ගැන, 6 වෙනි දා පාර්ලිමේන්තු විවාදයක්

Saturday, 20 July 2019 - 13:10

%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+6+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ලබන මස 6 වනදා සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින්.

බැටික්ලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඞ් හෙවත් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සඳහා සෞදි අරාබියේ තහනම් සංවිධානයකින් රුපියල් කෝටි 1757කට අධික මුදලක් එවා ඇතැයි කියන සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගිය දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණා.

එම කොට්ඨාශය මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සිදුකර ඇති පැමිණිල්ලකට අදාළවයි.

ඊට අදාළ නඩුව පසුගිය දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැදවනු ලැබුවා.

එහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වැඩිදුරටත් දැනුම් දුන්නේ මඩකලපුව - පුනානි ප්‍රදේශයේ අදාළ විශ්වවිද්‍යාලය ඉදිකෙරෙන අක්කර 35ක ඉඩම මහවැලි අධිකාරිය විසින් 2013 වසරේදී ශ්‍රී ලංකා හීරා පදනම වෙත ග්‍රාමීය පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සඳහා ලබාදී ඇති බවයි.

එසේම මෙම විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව තුළදීද සාකච්ඡාවට බඳුන් වූ අතර, එම කාරක සභාව නිර්දේශ කළේ මෙය රජයට පවරා ගන්නා ලෙසටයි.

මෙම සියලූ කරුණු සැළකිල්ලට ගෙන අදාළ සභාව කල් තැබීමේ යෝජනාව ගෙන ඒමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

මේ අතර, කොළඹ වරාය නගරය, කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළත් කිරීමට අදාළ පනත සංශෝධනය කිරීමේ විවාදය ලබන 24 වනදා පැවැත්වීමට ද ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී අනුමැතිය හිමිවී තිබෙනවා.


ප්‍රවීන ඉන්දීය නළු අනුපම් ඛේර්ගේ මවට සහ සොහොයුරාටත් කොරෝනා
Monday, 13 July 2020 - 11:00

ඉන්දීය ජ්‍යෙෂ්ඨ නළු අනුපම් ඛේර් ගේ මවට, සොහොයුරාට සහ නෑනාට... Read More

මහමැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම ඇරඹේ
Monday, 13 July 2020 - 10:17

මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අදියර මේ... Read More

අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
Monday, 13 July 2020 - 10:09

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙකු... Read More