රූමස්සල සිර වූ යාත්‍රාව මුදා ගැනීමට, අයහපත් කාලගුණයෙන් තවදුරටත් බාධා

Saturday, 20 July 2019 - 13:05

%E0%B6%BB%E0%B7%96%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%96+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
ගාල්ල වරාය ආසන්නයේදී රූමස්සල ප්‍රදේශයේ රැදී පවතින ග්ලෝරි - 2 - ගෝ නැමති යාත්‍රාව මුදවා ගැනීම සඳහා අයහපත් කාලගුණය තවදුරටත් බාධා එල්ල වී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ප්‍රකාශ කළා.
 
අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 8ක් වාර්තා වනවා.

ඒ, නුවරඑළිය, හම්බන්තොට, මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්කවලින්. පසුගිය දින දෙක තුළ මරණ 7 ක් වාර්තාවී තිබූ අතර, ඊයේ රාත්‍රියේ රත්ගම -  ඕවර්කන්ද ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් මතට පොල්ගසක් කඩා වැටී පුද්ගලයෙකු මියයාමත් සමඟ ආපදා මරණ සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගියා.

තද සුළං තත්ත්වය හේතුවෙන් කඩා වැටුණු පොල් ගසට යට වී මෙලෙස මිය ගොස් ඇත්තේ 41 හැවිරිදි වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මේ අතර මුහුද රළුවීම හේතුවෙන් හලාවත - කුරුසපාඩුව ප්‍රදේශයේ පවුල් 52ක පුද්ගලයින්  තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගත් බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.

එහි සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් කියා සිටියේ ඔවුන් හලාවත - වැල්ල - රෝමානු කතෝලික දේවස්ථානය වෙත යොමු කර ඇති බවයි.

දින කිහිපයක සිට මුහුද රළුවීම හේතුවෙන් වෙරළ තීරයේ පිහිටි නිවාස රැසකට හානි වී තිබුණා.

මේ අතර කාසල්රි, මාවුස්සාකැළේ ජලාශවල ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘතයි.

ගත වූ පැය 24 තුළ මාවුස්සාකැළේ ජලාශයේ ජල මට්ටම අඩි 8.3කින් ද ඉහළ ගොස් තිබෙනවා.

කාසල්රී ජලාශයේ ජල මට්ටම ද අඩි 8කින් ඉහළ ගොස් ඇති අතර, එහි සමස්ත ජල ධාරිතාව සියයට 37 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හැටන්, බගවන්තලාව, නෝර්වුඩ් ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් ප්‍රදේශයේ අධිබලැති විදුලි රැහැන් පද්ධති කිහිපයකට ද හානි සිදුවී ඇති බව සඳහන්.

රත්නපුරය - ඉඹුල්පේ, නුවරඑළිය - කොත්මලේ, මහනුවර - උඩපළාත යන ප්‍රදේශවලට නාය යාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියා.  

මේ අතර, ධීවර කටයුතුවල යෙදී සිටි බහුදින යාත්‍රා 44 ක් අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ජාත්‍යන්තර මුහුදු සීමාවට ගසා ගෙන ගොස් ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඉන් යාත්‍රා 30 ක් පමණ මාලදිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් ඇති අතර, යාත්‍රා 20 ක් පිළිබඳව තොරතුරු මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා කියා සිටියේ එම යාත්‍රා විස්සේ සිටින පිරිස සමඟ මේ වන විට තොරතුරු හුවමාරු කර ගනිමින් සිටින බවයි.

කෙසේ වෙතත්, පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළා.


'බත්තරමුල්ලේ බන්ටි' රඳවාගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර
Sunday, 05 July 2020 - 18:37

අත්අඩංගුවට ගැනුණු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Sunday, 05 July 2020 - 18:13

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

සමඟි ජන බලවේගය, ජාතිවාදීන්ගේ බළල් අතක් වෙලා - අගමැති
Sunday, 05 July 2020 - 17:31

දේශපාලන පක්‍ෂයක් එළිපිටම බෙදුම්වාදී මූලධර්ම තමන්ගේ ප්‍රතිපත්ති... Read More