කලගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

Saturday, 20 July 2019 - 15:19

%E0%B6%9A%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථයකින් සහ ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණ වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ තවත් සැකකරුවෙකු අද දහවල් කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

44 හැවිරිදි ඔහු තල්ගස්දොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊට අමතරව, අද උදෑසන කළුතර - කිතුලාව - ලාගෝස්වත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු ද කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ දිනයේ ද දෙදෙනෙකු අත්ඩංගුවට ගත් අතර, ඔවුන් සියලූදෙනාම අද පස්වරුවේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


නේපාලයේ ජල ගැලීම් සහ නායයාම් වලින් පුද්ගලයින් 23ක් මරුට
Saturday, 11 July 2020 - 16:58

නේපාලයට ඇද හැලෙන වැසි සමඟ ඇති වූ ක්ෂණික ජල ගැලීම් සහ නායයාම්... Read More

මැතිවරණයට අදාළව පැමිණිලි 2620ක්
Saturday, 11 July 2020 - 16:57

මහමැතිවරණයට අදාළව මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ වනවිට... Read More

ඕස්ට්‍රේලියාවේ රැදී සිටි තවත් 229 දෙනෙකු දිවයිනට (වීඩියෝ)
Saturday, 11 July 2020 - 15:59

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව  ඕස්ට්‍රේලියාවේ... Read More