නිල ඇඳුම් පනතේ වෙනසක්

Saturday, 20 July 2019 - 17:05

%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
හමුදා නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් ළඟ තබා ගැනීම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා අයහපත් ලෙස බලපාන බැවින් නිල ඇඳුම් ආඥා පනත සඳහා නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මීට අදාළ යෝජනාව ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්.

ඒ අනුව, විලාසිතාවක් ලෙස හමුදා කැලෑ ඇඳුම්වලට සමාන ඇඳුම් භාවිත කිරීම මෙන්ම හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් භාවිත කිරීම වැළැක්වීම සඳහා නව පනත් කෙටුම්පතින් නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දෙනු ඇති.

මේ අතර, 1980 අංක 47 දරණ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිවුණා.

වයස අවුරුදු 18 සම්පූර්ණ වන සියලූදෙනාට ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු අරඹන තෙක් ඡන්දය භාවිත කිරීම ඉඩ සැලසීම වෙනුවෙන් එම සංශෝධනය සිදුකෙරෙනවා.


ඕස්ට්‍රේලියාවේ රැදී සිටි තවත් 229 දෙනෙකු දිවයිනට
Saturday, 11 July 2020 - 15:59

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව  ඕස්ට්‍රේලියාවේ... Read More

පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියේ තවත් ටී.56 අවි දෙකක් සොයා ගැනේ
Saturday, 11 July 2020 - 15:30

හෝමාගම - පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී.56... Read More