ඉම්රාන් ඛාන් ඇමරිකාවට

Sunday, 21 July 2019 - 9:27

%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තුන්දින නිල චාරිකාවක් සඳහා ඊයේ ඇමරිකා එක්සත් ජනපදය වෙත පැමිණියා.

ඔහු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ නිල සාකච්ඡාවල නිරත වන්නේ හෙට දිනයේදීයි.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ එරට හමුදා ප්‍රධානී ජෙනරාල් කමාර් ජාවෙඞ් බජ්වා සහ පාකිස්තාන අයි.එස්.අයි. ඔත්තු සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් ෆායිස් හමීඞ් මෙන්ම වාණිජ කටයුතු මෙන්ම අග්‍රාමාත්‍ය උපදේශක අබ්දුල් රසාක් ඩාවුඞ් ද ඇමරිකාව වෙත පැමිණ තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේ හමුදා ප්‍රධානීන් සමඟ විදේශ රටක අග්‍රාමාත්‍යවරයෙකු ධවල මන්දිරයට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වන බවයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇෆ්ගනිස්ථානය සහ දකුණු ආසියාතික කලාපයේ සාමය පිළිබඳව ජනපති ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි පාකිස්තාන රජය සඳහන් කළේ.

වියදම් අඩු කිරීම සඳහා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය ඇමරිකානු සංචාරයේදී තරු පන්තියේ හෝටලයක නොව වොෂින්ටනයේ පාකිස්තාන තානාපතිවරයාගේ නිවසේ ලැගුම් ගැනීමද විශේෂත්වයක්.


නේපාලයේ ජල ගැලීම් සහ නායයාම් වලින් පුද්ගලයින් 23ක් මරුට
Saturday, 11 July 2020 - 16:58

නේපාලයට ඇද හැලෙන වැසි සමඟ ඇති වූ ක්ෂණික ජල ගැලීම් සහ නායයාම්... Read More

ඇමරිකාවෙන් ඉන්දියාවට ප්‍රහාරක හෙලිකොප්ටර්
Saturday, 11 July 2020 - 13:16

චීනය සමඟ දේශසීමා අර්බුදයකට පැටලී සිටින ඉන්දියාවට ඇමරිකාවෙන්... Read More

සිංගප්පූරුවේ මහමැතිවරණයේ ජය පාලක මහජන ක්‍රියාකාරී පක්ෂයට
Saturday, 11 July 2020 - 7:44

සිංගප්පූරුවේ පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය ඊයේ පැවති මහමැතිවරණයෙන්... Read More