ඉදිරි පැය 24 තුළත් මුහුදු ප්‍රදේශ රළුවීමේ අවදානමක්

Sunday, 21 July 2019 - 10:52

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉදිරි පැය 24 ක කාලය තුළ පුත්තලම, සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලීමක්  කෙරෙනවා.

එමෙන්ම හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල රළ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.