තෙමසකට පසු කටුවාපිටිය දෙව් මැදුර විවෘත කරමින්, කාදිනල් හිමිගෙන් පාලකයින්ට චෝදනාවක්

Sunday, 21 July 2019 - 18:36

%E0%B6%AD%E0%B7%99%E0%B6%B8%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පාස්කු ඉරිදා ප්‍රහාරයේදී අහිංසක ජීවිත විනාශ වූයේ හිතුවක්කාරී, ප්‍රතිපත්තියක් නොමැති නායකයන් නිසා බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

පාස්කු ප්‍රහාරයට තෙමසක් පිරීම නිමිත්තෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ අද පැවති විශේෂ දිව්‍ය පූජා යාගයට එක්වෙමිනුයි කාදිනල් හිමිපාණන් මේ බව කියා සිටියේ.

පසුගිය අප්‍රේල් 21 වන දාට යෙදුණු පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය සහ මඩකලපුව සියෝන් දේවස්ථානය ඇතුළු ස්ථාන 7කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 260 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම, තවත් පුද්ගලයින් 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

ප්‍රහාරයෙන් වැඩිම ජීවිත සහ දේපළ හානියක් සිදුවූයේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයටයි.

ප්‍රහාරයෙන් තෙමසකට පසු ප්‍රතිසංස්කරණය කර අවසන් කරන ලද කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැදුර යළි ආසිරි ගන්වා විවෘත කිරීමේ දිව්‍ය පූජා යාගය ද උදෑසන 8ට ආරම්භ කෙරුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

ප්‍රහාරයෙන් තෙමසකට පසුව වුවද කටුවාපිටිය දේවස්ථානය සහ ඒ අවට ප්‍රදේශයට අද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා.

අද පැවති දිව්‍ය පූජා යාගය සඳහා ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා සුවය ලබමින් සිටින්නන්, මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකයින් මෙන්ම දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වූ හමුදා සාමාජිකයින් ද එක්ව සිටියා.

දිව්‍ය පූජා යාගය අවසානයේ පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහි කිරීම පිණිස නිර්මාණය කළ සමරු ඵලකය නිරාවරණය කිරීම ද සිදුවූයේ කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

අනතුරුව ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහි කරමින් 3000කට අධික පිරිසකට දිවා ආහාරය ලබාදීමේ දානමය කටයුත්තක් ද කටුවාපිටිය දේවස්ථානයේදී අද සිදුකෙරුණු බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද කටුවාපිටිය දේවස්ථානයට පැමිණ නව දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල ද තබනු ලැබුවා.

මේ අතර, පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය වෙනුවෙන් කොච්චිකඩේ - ශාන්ත අන්තෝනි දෙව් මැදුරෙහි ද දේව මෙහෙයන් සහ ආගමික වතාවත් සංවිධාන කර තිබුණා.

මීට අමතරව පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ මඩකලපුව - සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් අවසන් නැහැ.

ඒ හේතුවෙන් සියොන් දේවස්ථානයේ බෝම්බ පිපිරීමෙන් දිවි අහිමිවූවන්ගේ ඥාතීන් පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය සිහි කරනු ලැබුවේ මඩකලපුව තැපැල් කාර්යාලය අසළ පිහිටි විශේෂ ස්ථානයකයි.

පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය වෙනුවෙන් අද දිවයිනේ විවිධ ප්‍රදේශවල දේව මෙහෙයන් සහ පූණ්‍ය කටයුතු සංවිධාන කර තිබුණා.

මඩකලපුව - මංගලාරාම විහාස්ථානය, අලූත්ගම ඓතිහාසික කන්දෙ විහාරය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක එවැනි පුණ්‍ය කටයුතු සංවිධාන කර තිබූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.




ඕස්ට්‍රේලියාවේ රැදී සිටි තවත් 229 දෙනෙකු දිවයිනට
Saturday, 11 July 2020 - 15:59

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව  ඕස්ට්‍රේලියාවේ... Read More

පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියේ තවත් ටී.56 අවි දෙකක් සොයා ගැනේ
Saturday, 11 July 2020 - 15:30

හෝමාගම - පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී.56... Read More