කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදුන් සිව්දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට

Monday, 22 July 2019 - 7:27

%E0%B6%9A%E0%B7%85%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව - කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථයකින් සහ ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණ වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් 4 දෙනා අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමට නියමිතයි.

මොවුන් පසුගිය සෙනසුරාදා අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නුවර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක් සහ ජිප් රථයකින් පැමිණි පිරිස කලගෙඩිහේන ප්‍රදේශයේදී පසුගිය අඟහරුවාදා අදාළ වෑන් රථයට පහරදී තිබුණේ ඔවුන්ට මාර්ගයේ ඉඩ ලබා නොදුන් බව පවසමින්.

වෑන් රථයට පහරදීමෙන් පසු එම පිරිස, CAG - 05 50 අංකය දරණ ලෑන්ඞ් කෲසර් ප්‍රාඩෝ රථයෙන් හා CAD - 88 50 අංකය දරණ ඩිෆෙන්ඩර් රථයෙන් පලාගොස් තිබුණා.

මෙම සිද්ධියට අදාලව ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වන මතුගම - බදුගම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගාමිණී විජේසූරිය නැමැත්තෙකු හා පොළොන්නරුව - අරලගංවිල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තවත් අයෙකු පසුගිය 19 වනදා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

එසේම, මෙම සිද්ධියට සම්බන්ධ CAD - 88 50 අංකය දරණ ඩිෆෙන්ඩර් රථය මහරගම - ඇල්හේන පාරේ පිහිටි නිවසක තිබී මහරගම පොලීසිය එදිනම රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාශය සිය භාරයට ගෙන තිබුණා.

ඊට පසුදින මෙම සිද්ධියට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවීමෙන් පසු  අත්අඩංගුවට ගැනීමටයි පොලීසිය කටයුතු කළේ.

26 හැවිරිදි රුවන් ප්‍රසන්න නමැති ඔහු කළුතර - කිතුලාව - ලාගෝස් වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර, අදාළ ඩිෆෙන්ඩර් රථයේ ගමන් කල තවත් පුද්ගලයෙකු ද එදිනම අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු තල්ගස්දොල - මාගම්පිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි සඳුන් පුෂ්පකුමාර නමැත්තෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.  

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අනාවරණ කළේ CAG - 05 50 අංකය දරණ ලෑන්ඞ් කෘසර් ප්‍රාඩෝ රථයේ අංක 37, ඉංගිරිය, ගාල්ලේගම, ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංග යන අයට අයත් බවයි.

එසේම, ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන අතර, නීතිඥවරයෙකු සහ ගණිතඥයෙකු මෙන්ම නීති විද්‍යාල ප්‍රවේශය, පරිපාලන සේවා විභාග, බැංකු විභාග ආදී සඳහා වැඩමුළු පවත්වන පුද්ගලයෙකු ද වනවා.

කෙසේ වෙතත් මොහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

එමෙන්ම, CAD - 88 50 අංකය දරණ ඩිෆෙන්ඩර් රථයේ වත්මන් හිමිකරු වන්නේ අංක 34,  ඉංගිරිය- ගාල්ලේගම, ලිපිනයේ පදිංචි උදම් ඉන්දුල සම්පත් බණ්ඩාර අමරතුංග යන අයයි.


කොරෝනා දෙවන රැල්ලත් සමඟ දකුණු අප්‍රිකාවේ මත්පැන් අලෙවිය නවතී
Monday, 13 July 2020 - 9:11

කොරෝනා දෙවන රැල්ලේ ආරම්භයත් සමඟ දකුණු අප්‍රිකාවේ මත්පැන්... Read More

කසළ තේ කිලෝ 700 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
Monday, 13 July 2020 - 9:00

සීදූව - කොටුගොඩ ප්‍රදේශයේ ගබඩාවක තිබී කසළ තේ කිලෝග්‍රෑම්... Read More

වසර අවසානයේ ආර්ථිකය ධන මට්ටමට - මහ බැංකුව
Monday, 13 July 2020 - 8:21

මෙම වසර අවසානය වනවිට ආර්ථිකය ධන තත්වයකට පත්වනු ඇතැයි අපේක්ෂා... Read More