සම්බන්ධන් සහ සුමන්දිරන් දේශපාලනයෙන් ඉවත්විය යුතුයි - මන්නාරම් දිස්ත්‍රික් පොදු සංගම් එකමුතුව

Monday, 22 July 2019 - 8:31

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිස දේශපාලනයෙන් ඉවත් විය යුතු බව මන්නාරම් දිස්ත්‍රික් පොදු සංගම් එකමුතුව පවසනවා.

එහි සභාපති වී.එස්. ශිවගරන් මේ බව සඳහන් කළේ වව්නියාවේ ඊයේ පැවති වැඩමුළුවකට එක්වෙමින්.

 ‘‘දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ ගැටළුවලට නිසි විසදුමක් ලබාදී නැහැ. උතුරු - නැගෙනහිර ඒකාබද්ධ කරලා නැහැ. මානව හිමිකම් තහවුරු කරලා නැහැ. ඉඩම් ගැටළුවලට විසදුම් දීලා නැහැ. හමුදාව ඉවත් කරන්න යම්කිසි ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. අලූත් ව්‍යවස්ථාව ගේනවා කිව්වට ඒක කළෙත් නැහැ. දේශපාලන විසදුමක් දෙන්න දෙමළ ජාතික සන්ධානය අපොහොසත් වෙලා තියෙනවා. දැන් මුහුණ දීලා තියෙන්නේ ගම්පෙරළියකට. මං එයාලට දොස් කියනවා නෙමෙයි. අපි සාධාරණයයි ඉල්ලන්නේ. මේ හැමෝටම දැන්  ඕන වෙලා තියෙන්නේ ප්‍රභාකරන් වගේ වෙන්න. එයාගේ තැන අරගන්න. එතනයි හැමෝම ඉන්නේ. නමුත් කවුරුවත් ප්‍රභාකරන් වගේ කැප වෙන්නේ නැහැ. ඒකෙන් තමයි එයාලාගේ අසමත්කම පැහැදිලි වෙන්නේ. සුමන්දිරන්, සම්බන්ධන්ලා දැන් කල් ඉකුත් වෙලා. එයාලා දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. ඩේවිඩ් කැමරන්,තෙරේසා මේ එහෙම ඉවත් වෙලා අලූත් අයට අවස්ථාව දුන්නා. ක්‍රිකට් ක්‍රීඩාවේත් එහෙමයි. ’’


කොරෝනා දෙවන රැල්ලත් සමඟ දකුණු අප්‍රිකාවේ මත්පැන් අලෙවිය නවතී
Monday, 13 July 2020 - 9:11

කොරෝනා දෙවන රැල්ලේ ආරම්භයත් සමඟ දකුණු අප්‍රිකාවේ මත්පැන්... Read More

කසළ තේ කිලෝ 700 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
Monday, 13 July 2020 - 9:00

සීදූව - කොටුගොඩ ප්‍රදේශයේ ගබඩාවක තිබී කසළ තේ කිලෝග්‍රෑම්... Read More

වසර අවසානයේ ආර්ථිකය ධන මට්ටමට - මහ බැංකුව
Monday, 13 July 2020 - 8:21

මෙම වසර අවසානය වනවිට ආර්ථිකය ධන තත්වයකට පත්වනු ඇතැයි අපේක්ෂා... Read More