ලක්ෂ 3ක මුදල් සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි

Monday, 22 July 2019 - 12:08

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+3%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8+CCTV+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බණ්ඩාරගම මැදගම ප්‍රදේශයේ වෙළඳසැලකට ඇතුලුවූ පුද්ගලයෙකු එහි තිබූ රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් සොරාගෙන තිබෙනවා.

ඊයේ අලුයම 2.20ට පමණ සැකකරු වෙළඳසැලට ඇතුලුවී මුදල් සොරාගෙන ඇති බවටයි හෙළිවී ඇත්තේ.

රෙදි කැබැල්ලකින් හිස ආවරණය කරගත් සැකකරු වෙළඳසැලෙහි ඉදිරිපස දොර කඩා ඊට ඇතුලුවී තිබෙනවා.

මෙම පුද්ගලයා මුදල් සොරකම් කරන ආකාරය එහි තිබූ CCTV කැමරාවල සටහන් වී ඇති අතර බණ්ඩාරගම පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශණ සිදු කරනවා.