ඉම්රාන් ඛාන්, ට්‍රම්ප් හමුවේ - මෝදිගෙන් ප්‍රතිචාර

Tuesday, 23 July 2019 - 7:49

%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර නිළ සාකච්ඡා වොෂින්ටනයේදී ඊයේ පැවැත්වුණා.

නායකයන් දෙදෙනා අතර මුහුණට මුහුණලා සිදුවූ ප්‍රථම සාකච්ඡාව මෙයයි. ඇෆ්ගන් යුද්ධය පදනම් කරගෙන දෙරට අතර පැන නැගී ඇති විෂමතා දුරු කර ගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණයි.

පාකිස්තානය ත්‍රස්තවාදයට එරෙහිව නිසි පියවර නොගන්නා බව පවසමින් ජනපති ට්‍රම්ප් එරට වෙත ලබාදෙන ආරක්ෂක ආධාර කපා හැරීමට මේ වසර මුල දී තීරණය කළා.

ධවල මන්දිර හමුවේදී ජනපති ට්‍රම්ප් අගමැති ඉම්රාන් ඛාන් වෙත ප්‍රකාශ කර ඇත්තේ කාශ්මීර අර්බුදය විසදීම සඳහා මැදිහත්කරුවෙකු වීමට තමන් සූදානම් බවයි.

ඒ සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉල්ලීමක් කළ බව ද ඔහු කියා සිටියා.

කෙසේ නමුත්, ඊට කඩිනම් ප්‍රතිචාර දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ප්‍රකාශ කළේ් ජනපති ට්‍රම්ප් වෙතින් තමන් එවැනි කිසිදු ඉල්ලීමක් සිදුනොකළ බවයි.


ටාජ් මහල හෙට සිට යළි විවෘත වේ
Sunday, 05 July 2020 - 14:23

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස 3ක කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ... Read More

නව සූකර උණ මිනිසාට පැතිරීමේ අවදානමක් නොමැති බව චීනය කියයි
Sunday, 05 July 2020 - 14:17

චීනයෙන් සොයා ගත් ජී - ෆෝ ලෙස නම් කෙරුණු නව සූකර වෛරසය මිනිසාට... Read More

ජපානයේ ජල ගැල්මෙන් 15 දෙනෙකු මියයයි
Sunday, 05 July 2020 - 10:58

ජපානයේ දකුණුදිග කියුෂු දිවයිනේ ජල ගැල්මෙන් පුද්ගලයන් 15 දෙනෙකු... Read More