හිරු පුවත් අනාවරණය කළ පල්ලෙවෙල, විෂ මත්පැන්පළේ හිමිකරු සහ තවත් අයෙකු අත්අඩංගුවට - මරණ 8 දක්වා ඉහළ යයි

Sunday, 04 August 2019 - 17:05

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%99%E0%B6%BD%2C+%E0%B7%80%E0%B7%92%E0%B7%82+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%85%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+8+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිරු පුවත් අනාවරණයෙන් පසු පුද්ගලයින් කිහිප දෙනෙකුට මරු කැදවමින් පල්ලෙවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

පල්ලෙවෙල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයෙන් මත්පැන් පානය කොට මිය ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අනාවරණ කළේ ඊයේ දිනයේයි. එම ස්ථානයෙන් මත්පැන් පානය කළ බවට පැවසෙන පුද්ගලයින් 9 දෙනෙකු මේ වන විට මිය ගොස් තිබෙනවා.

සිද්ධිය අනාවරණ කරන විට පුද්ගලයින් 7 දෙනෙකු මෙම ස්ථානයෙන් මත්පැන් පානය කොට මිය ගොස් සිටි බවට තොරතුරු ලැබී තිබූ අතර අනෙක් මරණය අද දහවල් වාර්තා වූයේ මීරිගම - බාදුරාගොඩ - උඩුඋල්ල ප්‍රදේශයෙන්.

මිය ගිය පුද්ගලයා එම ප්‍රදේශයේ අන්නාසි වගා කර ඇති ඉඩමක මුරකරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක්.

මේ අතර, මෙලෙස මත්පැන් පානය කොට මිය ගිය පුද්ගලයෙකුගේ දේහය රැගෙන ගම්වාසීන් පිරිසක් අද මීරිගම - දිවුලපිටිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවක ද නිරත වුණා.

හිරු වාර්තාකරු සඳහන් කළේ පල්ලෙවෙල පොලීසියේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ද ඇති වූ බවයි.

මෙම මත්පැන් අලෙවි කරන ස්ථානය සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පල්ලෙවෙල පොලීසියට චෝදනා කරනවා.



කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More