වැල්ලවත්තේ ගැටුමකින් පොලිසියේ තුන්දෙනෙකු ඇතුලු හයකට තුවාල

Monday, 05 August 2019 - 7:39

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
වැල්ලවත්ත - මයුර පෙදෙසේ නිවාස සංකීර්ණයක පිරිසක් සහ කොන්ත්‍රාත් සමාගමක කම්කරුවන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු ඇතුලු හයදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රී 11 ට පමණ ජංගම දුරකථනයක් මුල්කරගෙන ඇතිවූ ගැටළුවක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ගැටුම සමථයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුද එහිදී තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම ගැටුමට මැදිහත්වූ තවත් තුන්දෙනෙකුද තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙම සිද්ධියට අදාළව මේ වනවිට එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැල්ලවත්ත පොලීසිය මගින් මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා.