Update : එච්.එන්.ඩී.ඒ. සිසුන් විරෝධතා පා ගමනට ජල සහ කඳුළුගෑස් ප්‍රහාරයක්

Wednesday, 07 August 2019 - 13:44

Update+%3A+%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%A9%E0%B7%93.%E0%B6%92.+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව දියත් කළ  විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය මීට ටික වේලාවකට පෙර ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

කොටුව දුම්රියපල ඉදිරිපිටින් අද දහවල් ආරම්භ වූ පා ගමන ලෝටස් වටරවුම ආසන්නයට පැමිණීමත් සමඟයි එය විසුරුවා හැරීමට පොලීසිය පියවර ගනු ලැබුවේ.

පා ගමන හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා තිබෙනවා.

උපාධිධාරීන්ට සංවර්ධන නිලධාරී තනතුරු ලබාදීමේදී මෙම පාඨමාලාව හැදෑරූ සිසුන් නොසළකා හැර ඇති බව පවසමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවන්නේ.

Update :

HNDA
සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා.