ඇමරිකානු වැඩබලන සහකාර රාජ්‍ය ලේකම්වරිය දිවයිනට

Thursday, 08 August 2019 - 17:11

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් එළඹෙන සති අන්තයේදී දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඇය පසුගිය 6 වනදා සිට 16 වනදා දක්වා පාකිස්ථානය, ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල සංචාරයක නිරත වන බවයි.

තම සංචාරය තුලදී රජයේ ඉහළ පෙලේ නිලධාරින් සහ මෙරට ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම සිවිල් සංවිධාන සමඟ ද සාකච්ඡා කිරීමට සහකාර රාජ්‍ය ලේකම්වරිය බලාපොරොත්තු වනවා.