ශ්‍රී දළඳා පෙරහැරේ පෞරාණික සම්ප්‍රදාය රැකගන්න තවත් පියවර කිහිපයක් තබයි

Friday, 09 August 2019 - 12:20

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%85%E0%B6%B3%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9E%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
ලෝකයක් හමුවේ ශ්‍රී ලංකාව පිළිබඳව මහත් අභිමානයක් ගෙනදෙන කන්ද උඩරට මහා මංගල්‍යය වන දළඳා පෙරහැර මෙවරද දෙස් විදෙස් සැදැහැවතුන්ගේ මෙන්ම සංචාරකයන්ගේ මහත් ආකර්ෂණයට මෙන්ම ගෞරවයට ලක්ව තිබෙනවා.

දළඳා වහන්සේ ලක්දිව වැඩමවීමත් සමඟ කිත්සිරිමෙවන් රජ සමයේ ඇරඹි මෙම චිරාගත පෙරහැර මංගල්‍යය වසරක් පාසා සෑම ඇසළ මසකම පැවැත්වෙන්නේ ලෝ වැසි බෞධයන්ගේ අශීරවාදයෙන්.

විවිධ පෞරාණික සම්ප්‍රදායික නර්තන අංගයන්ගෙන්, වාදන අංගයන්ගෙන්, අලි ඇතුන්ගෙන් සමන්විත වූ මෙවර දළඳා පෙරහැර මංගල්‍යයේ සතු සුවිශේෂී කාරණාවක් පිළිබඳව මේ වනවිට බොහෝදෙනෙකුගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

ඒ මෙවර දළඳා පෙරහැර මංගල්‍යයට සමගාමීව අනුග්‍රාහක ආයතනවල කිසිදු දැන්වීමකින් තොරව පෙරහැර, වීදි සංචාරය කිරීමයි.

වර්ෂ 2005 දී පෙරහැර තුළ අන්තර්ගත වූ වෙළඳ දැන්වීම් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට දලඳා මාලිගාව පියවර ගත්තේ බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් අනාගත පරම්පරාවට දායාද කිරීමේ අරමුණින්.

අනතුරුව සාමාන්‍ය පරිදි පෙරහර මංගල්‍යයට සමගාමීව මහනුවර නගරය සහ වැව රවුම ආශ්‍රිතව අනුග්‍රාහක ආයතනවල වෙළඳ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කෙරුණා.

කෙසේ වෙතත් පෙරහැර මංගල්‍යය වාණිජකරණයෙන් මුදා ගැනීමේ සුවිශේෂී අරමුණ පෙරදැරිව දළඳා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති සංවර්ධන කාර්යාංශය විසින් යෝජනාවක් ගෙන ආවා.

එහිදී යෝජනාවන්නේ පෙරහැර කාලසීමාව තුළ මහනුවර ආශ්‍රිතව අනුග්‍රාහක ආයතනවල දැන්වීම් ප්‍රචාරයක් සිදුනොකිරීමටයි.

මල්වතු - අස්ගිරි මහනායක හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරගේ මෙහෙයවීමෙන් මෙය ක්‍රියාත්මක වීම ඇරඹෙන්නේ විශේෂ වැඩපිළිවෙලක් සහිතවයි.

2012 වසරේ කළ මෙම යෝජනාව සාර්ථක වන්නේ 2017 වසරේදීයි.

මෙම කාර්යන්හි ප්‍රතිඵලයක් ලෙස 2017 ඇතුළුව වසර 3ක් ශ්‍රී දළඳා පෙරහැර වාණිජකරණයෙන් මුදාගෙන වෙළඳ දැන්වීම්වලින් තොරව පැවැත්වීමට සමත්වනවා.

කලක් තිස්සේ මුල්බැසගෙන තිබූ වෙළඳ වටිනාකමින් ඔබ්බට යමින් අනුග්‍රාහක ආයතන 15ක් ද කිසිදු වෙනස්කමකින් මෙවර පෙරහැර මංගල්‍යට අනුග්‍රාහකත්වය ලබාදීම ද විශේෂයෙන් සඳහන් කළ යුතුයි.


අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන් 11දෙනා අද අධිකරණයට
Thursday, 02 July 2020 - 15:01

අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිළධාරීන්... Read More

ජනතාව ගැන සිතන රජයක් ඕනේ (වීඩියෝ)
Thursday, 02 July 2020 - 14:46

හොරකම ,දුෂණය ,නොමැති නව  රජයක් රටට අවශ්‍ය බව බොහෝ ජනතාව පවසනවා.එළබෙන... Read More

මෙගා වොට් 75 ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට
Thursday, 02 July 2020 - 14:42

පසුගිය යහපාලන රජය සමයේ නතර කර තිබූ කුඩා විදුලි බලාගාර 38 ක විදුලිය... Read More