හැරිසන් - ඉඳුනිල් ආරවුල දිග්ගැස්සෙයි

Friday, 09 August 2019 - 13:00

%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%89%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන, කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන්ට බැන වැදී පහරදීමට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වනවා.

වැවක ගැටළුවක් පිළිබද සාකච්ඡා කිරීමට තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රීවරයා පසුගිය 7 වන දා අවස්ථා දෙකකදී කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොස් තිබුණා.

පෙරවරුවේ පී. හැරිසන් අමාත්‍යවරයා හමුවීමට අවස්ථාව නොලද මන්ත්‍රීවරයා එදින පස්වරු 3ට පමණ යළි කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණ ඇති අතර, එහිදී ද අමාත්‍යවරයා රැස්වීමක බව පවසා පැය 3කට ආසන්න කාලයක් බලා සිටීමට සිදුවූ බව සඳහන්.

එහිදී කෝපයට පත් තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් දොර විවෘත කර අමාත්‍යවරයාට බැන පහරදීමට උත්සාහ කළ බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළක් ගොඩවීම සම්බන්ධයෙන් මතු වූ ගැටළුවක් පිළිබදව සාකච්ඡා කිරීමට රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග ද කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොස් සිටියා.

ඔහුට ද පී. හැරිසන් අමාත්‍යවරයා හමුවීමට බොහෝ වේලාවක් රැඳී සිටීමට සිදුව තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබදව විමසීමට කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් සම්බන්ධ කර ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැහැ.

කෙසේ වෙතත්, පී. හැරිසන් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේනගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ එවැනි ආරවුලක් සිදුවූ බවයි.

එහිදී අමාත්‍යවරයාට කෘෂිකර්ම අමාත්‍යාංශය භාර දී තිබියදී එහි සිදුවූ වී අක්‍රමිකතාවක් මෙන්ම, පිටරටින් මී ගවයින් ගෙන්වීමේදී උසස් තත්ත්වයේ මී ගවයින් හිතවතුන්ට ලබාදීම සම්බන්ධයෙන් තමන් චෝදනා එල්ල කළ බවයි කියා සිටියේ.

අමාත්‍ය පී. හැරිසන් තමන් පහරදීමට උත්සාහ කළ බවට අගමැතිවරයාට පැමිණිලි කර ඇති බව සදහන් කළ මන්ත්‍රීවරයා තමන් එලෙස පහරදීමට උත්සාහ නොකළ බව ප්‍රකාශ කළා.

එහිදී අමාත්‍යවරයා තනිවම රජවීමට දරණ මතවාදයට තමන් පහර දුන් බවයි තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ.



කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More