හොංකොං ගුවන් තොටුපළේ තුන් දින විරෝධතාව ඇරඹේ

Friday, 09 August 2019 - 13:33

%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
හොංකොං හි චීන පරිපාලනයට එරෙහිව එරට ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සැලසුම් කර ඇති තුන් දින විරෝධතාව අද ආරම්භ වුණා.

කෙසේ නමුත්, ගුවන් තොටුපළ බලධාරීන් අනතුරු ඇගවූයේ නිත්‍යානුකූල සංචාර ලියකියවිලි නොමැති කිසිවෙකුට ගුවන් තොටුපළට ඇතුළුවීමට ඉඩ නොදෙන බවයි.

චූදිතයන් හොංකොං සිට චීනයට පිටුවහල් කිරීමට එරෙහිව පැන නැගුණු විරෝධතාව මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉල්ලා සිදුකෙරෙන අරගලයක් බවට පත්ව තිබෙනවා.

සති කිහිපයක් පුරා පැවති උද්ඝෝෂණ හේතුවෙන් මේ වන විට හොංකොං හි එදිනෙදා ක්‍රියාකාරකම් අඩපණ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.