අධ්‍යාපන ඇමතිගේ හිතවතුන් දස දහසකට, උසස් වීම් ලබාදීමට තැත් කිරීමක් ගැන, ජනපති කොමිසමේදී හෙළිදරව්වක්

Saturday, 10 August 2019 - 7:29

%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%83+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B6%A7%2C+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට දේශපාලනික වශයෙන් උපකාර කළ ගුරු සංගම් නියෝජිතයින් සහ කථිකාචාර්යවරුන් ඇතුළු 10,000 කගේ නාමලේඛන ලබාදී ඔවුන්ට උසස් වීම් ලබාදීමට අමාත්‍යවරයා තමාට දැනුම් දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂ අයි.එම්.කේ.බී ඉලංගසිංහ ඊයේ ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළා.

ඒවා නීත්‍යානුකූලභාවයක් නොමැතිව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව සිදුකිරීමට නොහැකි බවට ඇමතිවරයා දැනුවත් කළ බව ද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා තමා සමඟ විරසක වීමට ද මෙය හේතුවූ බව ද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වුවත්, තමා උසස් වීම් ආදී කටයුතුවලදී ඉතාම නීත්‍යානුකූලභාවයකින් නිසියාකාරව අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු කළ බව 2015 / 2018 රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ කේ.බී.ඉලංගසිංහ ප්‍රකාශ කළා.

දේශපාලන වශයෙන් අමාත්‍යවරයා ලබාදුන් නාම ලේඛණය අනුව කටයුතු කළේ නම් රටට විශාල හානිදායක තත්ත්වයක් ළඟා වන බවට තමා විශ්වාස කළ බවටයි ඔශු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

අමාත්‍යවරයා දුන් නාම ලේඛන ද ඔහු විසින් කොමිෂන් සභාවේ දැන ගැනීම සඳහා එහි ඡායාරූප සහ වීඩියෝ පට සමඟ කොමිසම හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරයා තමාට එරෙහිව නීත්‍යානුකූල නොවන ආකාරයට කිසිදු කටයුත්තක් නොකළ අතර, අමාත්‍යවරයා වෙත තමාගේ ස්ථාන මාරුවට අදාළ ලිපිගොනු රැගෙන ගියේ ද අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු විසින් බවයි ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමචන්ද්‍ර හේවගේ සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමනි වික්‍රමතිලක ඊයේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබූ අතර ඔවුන්ට යළි ලබන 21 වනදා දින කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙසට දැනුම්දී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්‍ෂ අයි.එම්.කේ.බී. ඉලංගසිංහට ආයතනික අංශයට ලබාදී තිබූ ස්ථාන මාරුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා මොවුන් ඊයේ කොමිසම හමුවේ කැඳවා තිබුණා.

මතභේදයට තුඩු දී ඇති ස්ථාන මාරුව සම්බන්ධයෙන් අයි.එම්.කේ.බී. ඉලංගසිංහ පසුගියදා කොමිසම හමුවේ පැමිණිලි කළ අතර, පසුව ඔහු පෙර සේවය කළ අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂ තනතුරෙහිම පිහිටුවීමටයි ජනාධිපති කොමිසම නියෝග කරනු ලැබුවේ.

පාසල් පෙළපොත් සඳහා අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපය ඇතුළත් කර නිවේදනයක් පළ කිරීම හරහා සිදුව ඇති බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළව අයි.එම්.කේ.බී. ඉලංගසිංහ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි ඔහුට මෙලෙස ස්ථාන මාරුවක් ලබාදී තිබුණේ.

කෙසේ වෙතත්, පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ අයි.එම්.කේ.බී. ඉලංගසිංහගේ පෞද්ගලික ලිපි ගොනුවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සටහනක් යොදා ඇතත්, එය තමා හරහා අමාත්‍යවරයාට යොමු නොකළ බවයි.

අතිරේක ලේකම්වරුන් හරහා අදාළ ලිපි ගොනුව අමාත්‍යවරයාට යොමු වී ඇති බවට තමන් විශ්වාස කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ.

නිලධාරීන් ස්ථාන මාරු කිරීම් සහ පත් කිරීම් සම්බන්ධයෙන් සියළු බලතල ඇත්තේ ලේකම්වරයාට මිස අමාත්‍යවරයාට නොවන බව මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ පිළිගෙන තිබුණා.



කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More