සායනික අපද්‍රව්‍ය යළි රැගෙන ඒමට විරෝධය පළ කරමින් සෙවණගල විරෝධතාවක්

Tuesday, 13 August 2019 - 17:33

%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B6%AB%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මහවැලි අධිකාරියට අයත් සෙවණගල - සමගිපුර ප්‍රදේශයේ කිරිඉබ්බන්ආර වැව ආසන්නයේ රක්ෂිතයක වළ දමා තිබූ රෝහල් සායනික අපද්‍රව්‍ය නැවතත් එම ස්ථානයට රැගෙන ඒමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් මොණරාගල - කොළඹ ප්‍රධාන මාර්ගය දහ තුනහමාර මංසන්ධියෙන් අවහිර කරමින් අද විරෝධතාවක නිරතවුණා.

එම භූමියේ වළදමා තිබූ රෝහල් සායනික අපද්‍රව්‍ය බැකෝ යන්ත්‍ර යොදාගනිමින් ලොරි රථ මගින් ඉවත් කිරීමට පියවර ගත් අතර, එළෙස ඉවත් කරගෙන ගිය අපද්‍රව්‍ය රැගත් ලොරි රථ යළි හරවා එම ස්ථානයටම පැමිණීමත් සමඟයි මෙලෙස ප්‍රදේශවාසීන් ඊට විරෝධය පළ කළේ.

කිරිඉබ්බන්ආර වැව ආසන්නයේ ඇති මෙම රක්ෂිතයේ රෝහල්වලින් බැහැර කරන සායනික අපද්‍රව්‍ය අධිකරණ නියෝගයකින් තොරව ඉවත් කළ නොහැකි බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළා.

එහි සභාපති ඉසුර දේවප්‍රිය හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ මෙම සායනික අපද්‍රව්‍ය බැහැර කළ පෞද්ගලික ආයතනය සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

නමුත් එම අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මෙතෙක් අධිකරණ නියෝගයක් ලබාගෙන නොමැති බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයාබැලීමකදි අනාවරණ වුණේ.



මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිසමට භාරදී අවසන්
Saturday, 04 July 2020 - 15:58

මහමැතිවරණයට අදාළව සියලූම දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය... Read More

විදේශයක නිශ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු STF අත්අඩංගුවට
Saturday, 04 July 2020 - 15:42

විදේශයක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකු... Read More

කේරළ ගංජා කිලෝ 61 ක් සමඟ සැකකරුවෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට
Saturday, 04 July 2020 - 15:07

සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය, කිරිබත්ගොඩ - වේවැල්දූව හංදිය... Read More