භාරය ඔප්පු කළ ටිකිරි නුවර පෙරහරෙන් ඉවතට

Tuesday, 13 August 2019 - 20:13

%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
ටිකිරි නමැති වයෝවෘධ ඇතින්න, මහනුවර ඇසළ පෙරහරේ කටයුතුවලින් ඉවත් කිරීමට දළදා මාළිගාවේ විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ තීරණය කර තිබෙනවා.

හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න කියා සිටියේ මෙම ඇතින්න සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තාවූ කරුණු සළකා මෙම තීරණය ගත් බවයි.

70 හැවිරිදි වැහැරුණු සිරුරක් සහිත මෙම ඇතින්නගේ ඡායාරූපයක් තායිලන්ත සත්ව ක්‍රියාකාරිනියක් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර, ඊට සටහනක් යොදමින් ඇය කියා සිටියේ දැඩි ශබ්දය, ගිනි කෙළි සහ දුමාරය හමුවේ ටිකිරිට කිලෝමීටර් ගණනාවක් පාද චාරිකාවේ නිරත වීම දුෂ්කර බවයි.

අලංකාර වස්ත්‍රාභරණවලින් සැරසූ පසු ඇගේ නෙත්වලින් ගලන කඳුළු කිසිවෙකුටත් නොපෙනෙනු ඇති බවයි ඇය කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් හිරු දහවල් ප්‍රවෘත්ති ප්‍රකාශය මගින්ද වැඩිදුර කරුණු හෙළිදරව් කළ අතර, මෙම ඇතින්නගේ හිමිකරු වන ඉසංක අමල් තිලකරත්න කියා සිටියේ රෝගී තත්ත්වයකින් පීඩා විඳි ඇය වෙනුවෙන් වූ භාරයක් ඔප්පු කිරීම සඳහා මෙවර දළදා පෙරහරට එක් කළ බවයි.

කෙසේ නමුත් ටිකිරි ඇතින්න අද සහ හෙට දිනයේදී වීථි සංචාරය කෙරෙන පෙරහරට එක් නොකිරීමට තීරණය කළ බව හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න තවදුරටත් සඳහන් කළා.






මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිසමට භාරදී අවසන්
Saturday, 04 July 2020 - 15:58

මහමැතිවරණයට අදාළව සියලූම දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය... Read More

විදේශයක නිශ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු STF අත්අඩංගුවට
Saturday, 04 July 2020 - 15:42

විදේශයක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකු... Read More

කේරළ ගංජා කිලෝ 61 ක් සමඟ සැකකරුවෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට
Saturday, 04 July 2020 - 15:07

සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය, කිරිබත්ගොඩ - වේවැල්දූව හංදිය... Read More