එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු හෙට සිට මෙරට සංචාරයක

Wednesday, 14 August 2019 - 7:33

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A
ආගම හෝ විශ්වාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු අහමඞ් ෂාහිඩ් නිළ සංචාරයක් සඳහා හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

මේ මස 26 වන දක්වා මෙරට රැඳී සිටින ඔහු අදාළ කාලය තුළ ආණ්ඩුවේ නිලධාරීන්, සිවිල් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයින් හමුවන බවයි එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය නිවේදනය කළේ.

එමෙන්ම, ඔහුගේ මෙම දූත මෙහෙයේදී එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු 2005 වසරේදී ආගම හෝ විශ්වාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු විශේෂ වාර්තාකරු අස්මා ජහන්ගීත්ගේ සංචාරයේදී ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී අත්කරගෙන ඇති ප්‍රගතිය විමසා බලනු ඇති.

එසේම මෙරට සියලුදෙනාම ආගම හෝ විශ්වාසය පිළිබඳ නිදහස භුක්ති විඳීමේදී පවතින සහ මතුවන බාධක හඳුනාගැනීම අරමුණු කරන ඔහු, එවැනි බාධක ජයගැනීම ඉලක්ක කරගත් නිර්දේශද ඉදිරිපත් කරනු ඇති බවයි එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය නිවේදනය කළේ.

කොළඹ මෙන්ම කොළඹින් බැහැර ප්‍රදේශවල ද සංචාරය කරන මොහු සිය මූලික නිරීක්ෂණ ලබන 26 වනදා කොළඹදී පවත්වන මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කරනු ඇති.

එමෙන්ම, එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු සිය නිගමන සහ නිර්දේශ ඇතුළත් වාර්තාව, 2020 වසරේ මාර්තු මස ජිනීවා හි පැවැත්වෙන මානව අයිතිවාසිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන් 11දෙනා අද අධිකරණයට
Thursday, 02 July 2020 - 15:01

අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිළධාරීන්... Read More

ජනතාව ගැන සිතන රජයක් ඕනේ (වීඩියෝ)
Thursday, 02 July 2020 - 14:46

හොරකම ,දුෂණය ,නොමැති නව  රජයක් රටට අවශ්‍ය බව බොහෝ ජනතාව පවසනවා.එළබෙන... Read More

මෙගා වොට් 75 ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට
Thursday, 02 July 2020 - 14:42

පසුගිය යහපාලන රජය සමයේ නතර කර තිබූ කුඩා විදුලි බලාගාර 38 ක විදුලිය... Read More