අරුවක්කාලුවට කසල රැගෙන ගිය ලොරි රථ දෙකක් අනතුරකට ලක්වෙයි

Wednesday, 14 August 2019 - 10:49

%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හලාවත - පුත්තලම ප්‍රධාන මාර්ගයේ කරිකට්ටිය ප්‍රදේශයේදී කොළඹ සිට පුත්තලම - අරුවක්කාලු කසල අංගනය වෙත කසල ප්‍රවාහනය කළ ලොරි රථ දෙකක් අද අලුයම අනතුරකට ලක්ව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ ලොරි රථ රියදුරෙකු මේ වනවිට පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මේ වනවිට එම ලොරි රථ දෙකෙහි තිබූ කසල වෙනත් ලොරි රථ වලට පටවා යළි ප්‍රවාහනය කිරීමට කටයුතු කරන බව මුන්දලම පොලීසිය කියා සිටියා.