උපන් දිනය දා හමුදා මූලස්ථානයේ සෙබලා වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් හේතුව?

Wednesday, 14 August 2019 - 12:50

%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%3F
යුද හමුදා මූලස්ථානයේ රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගැනීමට හේතුව පෙම් සබඳතාවක් බව අනාවරණ වී තිබෙනවා.

හමුදා මූලස්ථානයේ ඉංජිනේරු බලකායට අනුයුක්ත 27 වන වියේ පසුවන මෙම සෙබළා පොළොන්නරුව අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මොහුගේ උපන් දිනය ද අදට යෙදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම සෙබළා පෙම් සබඳතා කිහිපයක් පවත්වාගෙන ගොස් ඇති බවට ද මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ඉන් එක් පෙම්වතියකට සියදිවි හානි කර ගැනීමට පෙර මොහු කෙටි පණිවුඩයක් යොමුකර ඇති අතර, ‘‘මගේ ආදරයේ තරම හෙට බලාගන්න පුළුවන්.’’ යනුවෙන් එහි සඳහන් කර ඇති බව පොලීසිය කියා සිටියා.

පසුගිය මස 31 වනදා කොල්ලුපිටිය - තර්ස්ටන් පාරේ පිහිටි, ස්විට්සර්ලන්ත තානාපති නිල නිවස අසල රාජකාරියේ නිරතව සිටි ගුවන් හමුදා සෙබලෙකු සහ අනුරාධපුර ගුවන් හමුදා මූලස්ථානය අසළ රාජකාරියේ නිරතව සිටි යුද හමුදා සෙබළෙකු ද මෙලෙස රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන තිබුණා.

පෙම් සබඳතා මුල් කර ගනිමින් ඔවුන් මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවටයි පසුව හෙළි වුණේ.


CID අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිළධාරීන් 11 දෙනා අධිකරණයට
Thursday, 02 July 2020 - 15:46

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ... Read More

අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන් 11දෙනා අද අධිකරණයට
Thursday, 02 July 2020 - 15:01

අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිළධාරීන්... Read More

ජනතාව ගැන සිතන රජයක් ඕනේ (වීඩියෝ)
Thursday, 02 July 2020 - 14:46

හොරකම ,දුෂණය ,නොමැති නව  රජයක් රටට අවශ්‍ය බව බොහෝ ජනතාව පවසනවා.එළබෙන... Read More