දළු මඩුවක අභිරහස් ලෙස මියගිය පාසල් සිසුවෙකු ගැන විමර්ශන

Wednesday, 14 August 2019 - 19:20

%E0%B6%AF%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1
පාසල් සිසුවෙකු අභිරහස් ලෙස මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් දිඹුලපතන පොලිසිය පරීක්ෂනයක් ආරම්භ කර තිබෙනවා.

එම පොලිස් වසමට අයත් මවුන්ට් වර්නන් වත්තේ පදිංචිව සිටි 7 හැවිරිදි පාසල් සිසුවෙකු දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව ඇති බවට ඔහුගේ බාප්පා විසින් ඊයේ පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.

අනතුරුව අතුරුදන්වූ බව කියන දරුවා එම වතුයායේ දළු මඩුවක බරපතල තුවාල සහිතව වැටී සිටියදී කම්කරුවන් විසින් සොයාගෙන තිබූ අතර ඔහු දික්ඔය රෝහල වෙත රැගෙන යනවිට මියගිය බවයි පොලීසිය කියා සිටියේ.

එම දරුවා බාප්පා භාරයේ රැඳී සිට ඇති අතර, මරණය සැක සහිත බැවින් පශ්චාත් මරණ පරීක්ෂනයෙන් පසු ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතයි.