අද සිට වැසි අඩුවෙයි - දිස්ත්‍රික්ක තුනක නායයෑමේ අවදානම තවදුරටත්

Thursday, 15 August 2019 - 7:13

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
නිරිතදිග මෝසම හේතුවෙන් දිවයිනට බලපා තිබූ වැසි සහිත කාලගුණ තත්ත්වය අද සිට  තරමක් දුරට පහව යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් වර්ෂාවත් සමඟ පවතින තාවකාලික තද සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.

එමෙන්ම කළු, ගිං, නිල්වලා සහ කැළණි ගංඟාවල ජල මට්ටම් පහත යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් කළු ගෙඟ් මිල්ලකන්ද ප්‍රදේශයෙන් ජල මට්ටමේ සුළු වැඩිවීමක් පවතින බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණා.

කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑමේ අවදානම අද පස්වරු එක දක්වා තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත්පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ඇති බවයි.


ඕස්ට්‍රේලියාවේ රැදී සිටි තවත් 229 දෙනෙකු දිවයිනට
Saturday, 11 July 2020 - 15:59

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව  ඕස්ට්‍රේලියාවේ... Read More

පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියේ තවත් ටී.56 අවි දෙකක් සොයා ගැනේ
Saturday, 11 July 2020 - 15:30

හෝමාගම - පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී.56... Read More