කාශ්මීරය ගැන අද ජගත් ආරක්ෂක මණ්ඩලයේ, රහස් සාකච්ඡාවක්

Friday, 16 August 2019 - 10:25

%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A%2C+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉන්දු - කාශ්මීරයේ නව වර්ධනයන් පිළිබදව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

චීනයේ ඉල්ලීම මත පැවැත්වෙන එම සාකච්ඡාව මාධ්‍ය වෙත විවෘත නොවන බවයි වාර්තා වන්නේ.

මෝදි රජය විසින් කාශ්මීරයේ සිදුකළ පරිපාලන වෙනස්කම් සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස පාකිස්තානය, චීනයෙන් ඉල්ලීමක් කර තිබුණා.

කෙසේ නමුත්, ජගත් ආරක්ෂක මණ්ඩලයේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කරුණු නිරාවරණය නොකෙරෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

ජම්මු - කාශ්මීරයේ ප්‍රාන්ත තත්ත්වය ඉවත් කළ මෝදි රජය විසින් එය ඉන්දීය මධ්‍යම රජයේ ඍජු පාලනය යටතට ගනු ලැබුවා.

ඒ, ශ්‍රී නගර් අගනුවර ඇතුළු කාශ්මීරයේ දුරකථන සබඳතා සහ අන්තර් ජාල සබඳතා විසන්ධි කොට එහි ප්‍රාදේශීය දේශපාලනඥයන් අත්අඩංගුවට ගනිමින්.

මේ අතර, හිටපු කාශ්මීර මහඇමතිනී මෙහ්බූබා මුෆ්තිගේ දියණිය ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කළේ ඉන්දියාව නිදහස සමරන දිනයේදී පවා කාශ්මීරවාසීන්ගේ මූලික අයිතිවාසිකම් අහෝසි කරමින් වන සතුන් මෙන් කූඩු කර ඇති බවයි.


ඇමරිකාවත් චීන මෘදුකාංග තහනම් කිරිමට සැරසේ
Tuesday, 07 July 2020 - 11:01

අතිශය ජනප්‍රිය ටික් ටොක් ඇතුළු චීනයේ නිර්මිත සමාජ මාධ්‍ය... Read More

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
Tuesday, 07 July 2020 - 8:15

ඉන්දුනීසියාවේ ජාවා දිවයිනට ඔබ්බෙන් අද අලූයම් කාලයේ ප්‍රබල... Read More

කොරෝනා නෑ කියා මුදලට ව්‍යාජ වාර්තාවක් සකස්කර දුන් මිරට් පෞද්ගලික රෝහලට අධිකරණයෙන් ලැබුණු නියෝගය
Monday, 06 July 2020 - 19:45

මුදල් ලබාගෙන කොරෝනා නොමැති බවට ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් සකස්කළ... Read More