ඉරාන තෙල් නෞකාව මුදා හරී

Friday, 16 August 2019 - 10:33

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B6%BB%E0%B7%93
බ්‍රිතාන්‍යයට අයත් ජිබ්‍රෝල්ටාව විසින් රදවාගෙන සිටි ඉරානයට අයත් සුපිරි තෙල් නෞකාව මුදා හැරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, ඇමරිකාව විසින් නැව මුදා නොහරින ලෙස අවසන් වශයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්.

පසුගිය මාසයේදී මෙම තෙල් නෞකාව රදවා ගැනුණේ සිරියාව වෙත ඉන්ධන සැපයීමට උත්සාහ කරන බවට චෝදනා කරමින්.

නෞකාවේ තෙල් තොගය ඉරානය වෙත රැගෙන නොයන බවට ලිඛිත ප්‍රතිඥාවක් ලබාදීමෙන් පසු එය මුදා හැරීමට තීරණය කර ඇති බව සඳහන්.

කෙසේ නමුත් මෙය ඉරානය විසින් ගල්ෆ් මුහුදේ රදවා ගත් බ්‍රිතාන්‍ය නෞකාව මුදා හැරීම සඳහා කොන්දේසියක් ලෙස නිදහස් කළේ ද යන්න තහවුරු වී නැහැ.

ඉරාන නෞකාවේ සිටි 24 දෙනෙකුගෙන් යුත් ඉන්දීය කාර්ය මණ්ඩලය නිදහස් කර ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා.