තලෙයිමන්නාරම - ඌරුමලේ වෙරළෙන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1ක් සොයා ගැනේ

Friday, 16 August 2019 - 13:55

%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+-+%E0%B6%8C%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
තලෙයිමන්නාරම - ඌරුමලේ ප්‍රදේශයේ දී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට වැඩි ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගෙන තිබෙනවා.

එම ප්‍රදේශයේ අද අලූයම සිදුකළ මෙහෙයුමකදී වෙරළේ සඟවා තිබූ මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

එම අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට නියමිතයි.

මෙම වසර තුළදී තහනම් මත්ද්‍රව්‍ය වන හෙරොයින් කිලෝග්‍රෑම් 452ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 2397ක්, බීඩිකොළ කිලෝග්‍රෑම් 29,009ක්, හෂීස් කිලෝග්‍රෑම් 1ක් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.