තවුහිද් ජමාත් දෙවැනියා නවුෆර් මවුලවිගේ 16 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට - අවි පුහුණුව ලබා ඇති බවත් හෙළිවේ

Friday, 16 August 2019 - 15:09

%E0%B6%AD%E0%B7%80%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80%E0%B7%94%E0%B7%86%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+16+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ දෙවැනියා ලෙස කටයුතු කළ නවුෆර් මව්ලවි නමැත්තාගේ පුත්‍රයා වන 16 හැවිරිදි මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා හෙවත් අබු හසාම්, රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැකුණගොල්ල - අරක්යාල - බන්දියන් වැව, ප්‍රදේශයේදී අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක්, ඔහු අද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.

සැකකරු සහරාන්ගේ නුවරඑළියේ පිහිටි පුහුණු කඳවුරේදී පුහුණුව ලබා ඇති බව ද හෙළි වී තිබෙනවා.

මේ අතර, තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග නුවරඑළිය සහ හම්බන්තොට කඳවුරුවල පුහුණුව ලැබූ ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සංවිධානයේ සාමාජිකයන් 12 දෙනෙකු පසුගිය දින කිහිපයේ අත්අඩංගුවට ගැණුනා.