ශවේන්ද්‍රගේ පත් කිරීම ගැන, ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයෙනුත්, නිවේදනයක්

Tuesday, 20 August 2019 - 7:40

%E0%B7%81%E0%B7%80%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නව යුද හමුදාපතිවරයා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ද නිවේදනයක් නිකුත් කළා.

එහි මහ කොමසාරිස් මිෂෙල් බැච්ලට් සඳහන් කළේ ශවේන්ද්‍ර සිල්වාගේ පත් කිරිම තමන් බරපතල ප්‍රශ්ණකාරි තත්ත්වයකට පත් කර ඇති බවයි.

මානුෂික මෙහෙයුමේ අවසන් භාගයේදී සිදුකර ඇතැයි පැවසෙන ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංගණ කිරීම් සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී ඇති පසුබිමක ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පත් කිරීම අවධානය යොමු කළ යුතු කරුණක් බවයි ඇය ප්‍රකාශ කළේ.

එමගින් මානව හිමිකම් කවුන්සිලයේ 30 - 1 යෝජනාව බරපතල ලෙස බලපෑමකට ලක් කර ඇති බව ද ඇය පෙන්වා දෙනවා.

එමෙන්ම, මෙම පත් කිරීම හරහා සංහිදියා වැඩපිළිවෙල සහ ශ්‍රී ලංකා සන්නද්ධ සේවාවන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ක්‍රියාන්විතයන්ට එක් කිරීම ද ප්‍රශ්න කිරීම්වලට ලක් විය හැකි බවයි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය කියා සිටියේ.

මේ අතර, කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ද ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවන බවයි.


කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More