නික්ම යන හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් නිළයට - ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගැන, කැනඩාවෙනුත් ප්‍රකාශයක්

Tuesday, 20 August 2019 - 11:33

%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%81%E0%B7%80%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තනතුරෙන් නික්ම යන යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජෙනරාල් තනතුරට උසස් කර තිබෙනවා.

අදාළ පත්වීම අගෝස්තු 18 වන දා සිට ක්‍රියාත්මක බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ. ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පසුගිය ඉරිදා දිනයේදී සිය ධුරයෙන් විශාම ගිය අතර, නව යුද හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වායි.

ඔහු හෙට දිනයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.

මේ අතර, නව යුද හමුදාපතිවරයා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් කැනඩාව ද ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් සඳහන් කර ඇත්තේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව යුද සමයේ මානව හිමිකම් උල්ලංගණය කිරීම් පිළිබදව චෝදනා එල්ල වී ඇති බවයි.

ඔහුගේ පත්වීම සංහිදියා සහ වගවීමේ ක්‍රියාවලියට එරෙහි පියවරක් ලෙස කැනඩාව හඳුන්වනු ලැබුවා.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ද ඊයේ නිවේදනයක් නිකුත් කළා.

එහි මහ කොමසාරිස් මිෂෙල් බැච්ලට් සඳහන් කළේ ශවේන්ද්‍ර සිල්වාගේ පත් කිරිම තමන් බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයකට පත් කර ඇති බවයි.

එමෙන්ම, මෙම පත් කිරීම හරහා ශ්‍රී ලංකා සන්නද්ධ සේවාවන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ක්‍රියාන්විතයන්ට එක් කිරීම ද ප්‍රශ්න කිරීම්වලට ලක් විය හැකි බවයි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය කියා සිටියේ.

එමෙන්ම, කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ද ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවන බවයි.