කන්ජිපානි ඉම්රාන්හට වසර 6 ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම්

Friday, 23 August 2019 - 11:27

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+6+%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
ප්‍රබල පාතාල කල්ලි නායක මොහොමඞ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ට කොළඹ මහාධිකරණය, බරපතල වැඩ සහිත වසර 6ක සිර දඬුවමක් අද නියම කළා.

ගංජා ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරු කරමින් කංජිපානි ඉම්රාන්ට මෙම දඬුවම නියම කරනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින්.

2013 වසරේ සැප්තැම්බර් 13 වන දා මාළිගාවත්ත ප්‍රදේශයේදී ගංජා කිලෝ 5යි ග්‍රෑම් 300ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම මොහුට එල්ල වී තිබූ චෝදනා වනවා.

අද දිනයේ ඔහු එම චෝදනා දෙකටම වරද පිළිගත් බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඔහුට එක් වරදකට වසර තුන බැගින් වසර 6ක් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරනු ලැබුවා.

පසුගිය පෙබරවාරි පස්වනදා කංජිපානි ඉම්රාන් ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් සංවිධාන කර තිබූ සාදයකදීයි.

පසුව ඔහු දිවයිනට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා.

කංජිපානි ඉම්රාන්ගෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණ නියෝග මත රදවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.


ගමට පාරක් නැතුව වාරිමාර්ගයේ යන බත්ගම්පත්තුවේ වැසියන්ගේ කඳුළු කතාව (වීඩියෝ)
Thursday, 02 July 2020 - 14:28

ගුවන් මාර්ග, භූගත මාර්ග ඉදිවන දියුණු ලෝකයක නිවසට යාමට වාරි... Read More

උදා ගම් සංකල්පයෙන් යතාර්ථයක් නොවූ සෝභිත ගම ජනතාවගේ නිවාස සිහිනය (වීඩියෝ)
Thursday, 02 July 2020 - 14:18

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, ඇලපත්ගම, දුනුමඩලාව... Read More

දේශීය ආර්ථිකය ගොඩනැගිය හැක්කේ අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීමෙන් පමණයි (වීඩියෝ)
Thursday, 02 July 2020 - 14:10

දේශීය ආර්ථිකය ගොඩනැගිය හැක්කේ අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීමෙන්... Read More