යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරී චාමික සුමිත් කුමාර CID අත්අඩංගුවට

Friday, 23 August 2019 - 11:38

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%A0%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+CID+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට නීතිපති උපදෙස් මත යුද හමුදා බුද්ධි අංශ මාණ්ඩලික සැරයන් චාමික සුමිත් කුමාර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන ඉදිරි මාස දෙක තුළ අවසන් වනු ඇති බවයි.