ගෝඨාභයට එරෙහි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු විභාගය ඔක්තෝම්බර් 15 සිට අඛණ්ඩව

Friday, 30 August 2019 - 11:07

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+15+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව ඔක්තෝම්බර් මස 15 වන දා සිට දින පතා විභාගයට ගැනීමට අද නියෝග කෙරුණා.

ඒ, මැදමුලන - ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 දශම 9ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව එම මහාධිකරණයේ අද විභාගයට ගැනුණු අවස්ථාවේදියි.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරුවන්ගෙන් සමන්විතයි.

මෙම නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ උදෑසන 9.30ට පමණ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට පැමිණියා.





අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන් 11දෙනා අද අධිකරණයට
Thursday, 02 July 2020 - 15:01

අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිළධාරීන්... Read More

ජනතාව ගැන සිතන රජයක් ඕනේ (වීඩියෝ)
Thursday, 02 July 2020 - 14:46

හොරකම ,දුෂණය ,නොමැති නව  රජයක් රටට අවශ්‍ය බව බොහෝ ජනතාව පවසනවා.එළබෙන... Read More

මෙගා වොට් 75 ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට
Thursday, 02 July 2020 - 14:42

පසුගිය යහපාලන රජය සමයේ නතර කර තිබූ කුඩා විදුලි බලාගාර 38 ක විදුලිය... Read More