ශ්‍රී ලාංකික පවුල පිටුවහල් කළැයි ඕස්ට්‍රේලියාවේ විරෝධතා

Monday, 02 September 2019 - 7:21

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
ශ්‍රී ලාංකික පවුලක් යළි මෙරටට පිටුවහල් කිරීමට ඕස්ට්‍රේලියානු රජය ගෙන ඇති තීරණයට එරෙහිව ඕස්ට්‍රේලියාවේ නගර රැසක ඊයේ විරෝධතා පවත්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම විරෝධතා සඳහා දහස් ගණනක පිරිසක් සහභාගි වී ඇති බවයි.

නඬේෂලිංගම් සහ ප්‍රියා නමැති යුවළ මෙන්ම තාරුණිකා සහ කෝපිකා යන ඔවුන්ගේ දියණියන් දෙදෙනා පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙල්බර්න් නුවරින් පිටුවහල් කෙරුණේ ඔවුන්ට රැකවරණ ලබාදීම ඕස්ට්‍රේලියානු සංක්‍රමණික බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි.

කෙසේ නමුත්, අධිකරණ නියෝගය නිසා ඔවුන් පිටුමහල් කළ ගුවන් යානය මෙල්බර්න් නුවරට කිලෝමීටර් 3000ක් ඈතින් පිහිටි ඕස්ටේ්‍රලියාවේ ඩාවින් වෙත ගොඩ බස්වනු ලැබුවා.

අවසන් මොහොතේ ගුවනේදී ලැබුණු අධිකරණ නියෝගයකින් නැවත ඕස්ටේ්‍රලියාවට ගොඩබට ශ්‍රී ලාංකික සංක්‍රමණික යුවල සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා හුදෙකලා ක්‍රිස්මස් දිවයිනේ කඳවුර වෙත යැවීමට කටයුතු කළ බවයි ඔවුන්ගේ නීතිඥයා ප්‍රකාශ කළේ.

ඉන්දුනීසියානු දිවයින් ආසන්නයේ ජාවා දිවයිනට කිලෝමීටර් 350ක් දකුණෙන් ඕස්ට්‍රේලියාවට අයත් ක්‍රිස්මස් දූපත පිහිටා ඇති අතර, එහි සරණාගත රැදවුම් කඳවුර වසර ගණනක සිට වසා දමා ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, අධිකරණ නියෝගයක් ලැබී තිබියදී මොවුන් ක්‍රිස්මස් දූපතට යැවීමේ අරමුණ කුමක්දැයි පැහැදිලි නොමැති බව ද ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා වැඩිදුරටත් සඳහන් කළා.

සරණාගතභාවය ප්‍රතික්ෂේප වීමට පෙර මෙම ශ්‍රී ලාංකික පවුල වාසය කර තිබුණේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේයි.

නඬේෂලිංගම් සහ ප්‍රියා යුද සමයේ ඕස්ට්‍රේලියාව වෙත ගිය සංක්‍රමණිකයන් වන අතර, එහිදී ඔවුන් විවාහ වී තිබෙනවා.

ඔවුන්ගේ දරුවන් ඕස්ට්‍රේලියාවේ උපත ලැබුව ද එරට පුරවැසිභාවය හිමි වී නැහැ.