අගමැති මාලදිවයිනට

Monday, 02 September 2019 - 7:26

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
තුන්දින නිල සංචාරයක් සඳහා මාලදිවයිනට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එරට වෙලනා ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස තිබෙනවා.

අද උදෑසන 7.30 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 101 දරණ යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුලු 13 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස මාලදිවයින බලා පිටත්ව ගියා.

එහිදී අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ශහීඞ් විසින්.

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඞ් සාලිගේ ආරාධනාවකට අනුවයි අග්‍රාමාත්‍යවරයා මෙලෙස තුන්දින නිල සංචාරයක් සඳහා මාලදිවයිනට ගොස් තිබුණේ.

එම සංචාරයේදී දෙරට අතර වීසා පහසුකම් ලබාදීම, සමාජ ආරක්ෂණය, වෘත්තීය පුහුණුව සහ තරුණ සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව වර්ධනය කර ගැනීම අරමුණින් අවබෝධතා ගිවිසුම් 4 කට ද අත්සන් තැබීමට නියමිතයි.

හෙට සහ අනිද්දා මාලදිවයින් පැරඩයිස් අයිලන්ඞ් රිසෝට් හි පැවැත්වෙන ඉන්දියන් සාගර සමුළුවෙහි සභාපතිත්වය ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් දරනු ලබනවා.