පාස්කු ප්‍රහාරය ගැන සොයන කාරක සභාවේ සාකච්ඡාවක් අද

Monday, 02 September 2019 - 7:29

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයින්ගේ සාකච්ඡාවක් අද පස්වරු 3.30ට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

මෙහිදී මෙම කාරක සභාවේ අවසන් වාර්තාව සකස් කිරීමට අදාළව සාමාජිකයින්ගේ අදහස් හා නිර්දේශ ලබා ගැනීමට නියමිතයි.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද උදෑසන 9.30 ට 2015 / 2018 වර්ෂයන්හි රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා දූෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්‍ෂ අධ්‍යක්ෂ අයි.එම්.කේ.බී ඉලංගසිංහ තමන්ට එරෙහිව අවසන් කර තිබූ විනය පරීක්ෂණ ගොනුවක් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.