වත්තලදී මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්

Monday, 02 September 2019 - 10:13

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
වත්තල - ප්‍රීතිපුර මුහුදු ප්‍රදේශයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා. ඊයේ පස්වරුවේ මොහු තවත් පිරිසක් සමඟ මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වැල්ලම්පිටිය - සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක්.

අතුරුදන් තරුණයා සොයා නාවික හමුදාව සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.