පේරාදෙණියේදි දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට

Monday, 02 September 2019 - 11:08

%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පේරාදෙණිය සහ පිලිමතලාව අතර 69 සැතපුම් කණුව අසල දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ පොල්ගහවෙල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් 23 හැවිරිදි පිලිමතලාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම, අනෙක් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූයේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන්.

ඔහු කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා 50 හැවිරිදි වයසේ පසුවන්නෙකු බවයි පොලීසිය සඳහන් කළේ.