මාස 18 ක් තුළ ශ්‍රී ලාංකිකයින් රැගත් අනවසර යාත්‍රා 13 ක් ඔස්ට්‍රේලියාවට

Monday, 02 September 2019 - 11:10

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+18+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+13+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ගතවූ මාස 18ක කාලය තුළ ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රා 13 ක් පැමිණ ඇති බව ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩුටර්න් ප්‍රකාශ කළා.

පසුගිය මාසයේද ශ්‍රී ලංකාවේ සිට පැමිණි නීතිවිරෝධී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් ඕස්ටේ්‍රලියාවට ඇතුලුවීමට ගත් උත්සාහය ව්‍යයර්ථ කිරීමට එරට හමුදාව කටයුතු කළ බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

එරට පුවත්පතක් වෙත ඔහු මෙලෙස අදහස් පළ කර තිබුණේ සරණාගතභාවය අපේක්ෂාවෙන් පසුගිය යුද සමයේ ඕස්ටේ්‍රලියාවට ගිය ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුලක් යළි මෙරටට පිටුවහල් කිරීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගැනීමත් සමඟයි.

ඔස්ට්‍රේලියානු ආගමන ප්‍රතිපත්තිය අනුව මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට ඇතුලුවන සරණාගතයන් යළි මව් රට වෙත හරවා යවන අතර, එසේ නොවන්නේ නම් නාවුරු සහ පැපුවා නිව්ගිනියා හි රැඳවුම් මධ්‍යස්ථාන වෙත යොමුකරනු ලබනවා.