එජාපෙ නායකයින් හදිසි සාකච්ඡාවක් ඉල්ලයි

Monday, 02 September 2019 - 13:02

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B7%99+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
හදිසි සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.

ඒ, තවදුරටත් විසඳී නොමැති ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සහ නව සන්ධානය සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කරගැනිම සඳහායි.

ඒ අනුව අද මාලදිවයින බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණීමෙන් පසු එළඹෙන 5 වනදා මෙම හමුව සිදුවනු ඇති.

එක්සත් ජාතික පෙරමුණේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා ක්‍රමවේද 4 ක් පිළිබඳ යෝජනාවී තිබෙනවා.

ඒ, එජාප නායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලබාදෙන තනතුරු පිළිබඳව යෝජනා ඇතුළත් කරමින්.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය මෙම ක්‍රමවේදයන් සඳහා අවසන් එකඟතාවක් පළ කර නොමැති බවයි එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කළේ.