සාකච්ඡා අසාර්ථකවුවහොත් තනිව තරඟ කරනවා

Monday, 02 September 2019 - 13:04

%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B7%80+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉදිරි ජනාධිපතිවරණයට තනිව තරඟ කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.