නකල්ස් රක්ෂිතයේ වල්ලපට්ටා ජාවාරමේ නිරත වූ තුන්දෙනෙකු අත්අඩංගුවට

Monday, 02 September 2019 - 13:21

%E0%B6%B1%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නකල්ස් රක්ෂිත ප්‍රදේශයේදී වල්ලපට්ටා ජාවාරමක නිරත වූ පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වන සංරක්ෂණ නිලධාරින් ඊයේ එම රක්ෂිතයේ පැය 48 ක් පුරා සිදුකළ වැටලීමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 15 ක් සහ ත්‍රිරෝද රථයක් වන සංරක්ෂණ නිලධාරින් භාරයට ගත් අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 15 ක් පමණ වනවා.

සැකකරුවන් මාතලේ - දංකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් කාලයක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මොවුන් රක්ෂිතයේ ගංජා වගාවක් සහ දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා.