ගලෙන්බිදුණුවැව ඔසුසැලකට මුද්‍රා තබයි

Monday, 02 September 2019 - 17:01

%E0%B6%9C%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%94%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
අනුරාධපුර - ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පාසල් සිසුන්ට සහ තරුණයින්ට නීතිවිරෝධී මත්පෙති අලෙවි කළ බවට චෝදනා ලැබූ ඖෂධසැලකට මුද්‍රා තැබීමට පියවර ගන්නා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ අද නියෝග කළා.

එමෙන්ම, අදාළ ස්ථානයේ අලෙවි කිරීමට තිබූ සියළුම ඖෂධ වර්ග පරීක්ෂා කොට වාර්තාවක් ද ඉදිරිපත් කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

අදාළ ඔසුසැල මීට පෙර වැටලීමට ලක්වූ අවස්ථාවේදී නීතිවිරෝධී ඖෂධ තොගයක් සමඟ එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබුණා.