සියොන් දේවස්ථානට ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්වාදියාගේ හිස කොටස මඩකලපුව රෝහලට

Monday, 02 September 2019 - 18:06

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83+%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
මඩකලපුව - කල්ලියන්කාඩු හින්දු සුසාන භූමියේ වළදමා තිබූ, පාස්කු ඉරිදා සියොන් දේවස්ථානට ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්වාදියාගේ හිස සහ අනෙකුත් සිරුරු කොටස් අධිකරණ නියෝග මත අද යළි ගොඩ ගනු ලැබුවා.

ඒ, මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් ඉදිරියේයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුකළ කරුණු දැක්වීමක් අනුවයි අදාළ නියෝගය ලබාදී තිබුණේ.

එහිදී මෙම ත්‍රස්තයාගේ සිරුරු කොටස් දැනට මිහිදන් කර ඇති ස්ථානයෙන් ගොඩගෙන නිෂ්චිතව එය මිහිදන් කිරීම සදහා ස්ථානයක් හදුනා ගෙන එම ස්ථානයේ එය තැන්පත් කරන ලෙසටයි  මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයා වෙත මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

සියොන් දේවස්ථාන ප්‍රහාරකයාගේ සිරුරු කොටස් මඩකලපුව - කල්ලියන්කාඩු හින්දු සුසාන භූමියේ වළ දැමීමට එරෙහිව පසුගිය දිනවල විරෝධතා එල්ල වීමත් සමඟ අධිකරණය අදාළ නියෝගය ලබාදී තිබුණා. ඒ අනුව ගොඩ ගත් හිස ඇතුළු සිරුරු කොටස් මේ වන විට මඩකලපුව මහරෝහලේ තැන්පත් කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.