ගල්කිස්සේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

Tuesday, 03 September 2019 - 7:00

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ගල්කිස්ස - සිල්වෙස්ටර් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහර දී ඇති බවයි.

එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඔහු රත්මලාන - වෙඩිකන්ද ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

තුවාල  ලැබූ අනෙක් පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඝාතනය සිදුකළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.